HIV සහ Aids ගැන
මොකක්ද මේ ඒඩ්ස් කියන්නේ?
HIV යනු කුමක් ද?
HIV යනු රෝගාබාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයට තිබෙන ශක්තිය හීන කරන ආසාදනයකට තුඩු දෙන වෛරසයකි. HIV යන කෙටි නමින් අදහස් වන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යි. මෙම වෛරසය AIDS රෝගයට හේතු වේ.
AIDS යනු කුමක් ද?
AIDS යන කෙටි නමින් අදහස් වන්නේ පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්න යි. AIDS හට ගන්නේ HIV වයිරසයෙනි. පුද්ගලයෙකු තුළ AIDS රෝගය වර්ධනය වීමට නම් ඔහු පළමුව HIV ආසාදිතයෙකු විය යුතු ය.
AIDS රෝගය වැළඳුනු විට එමගින් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ආක්‍රමණය කිරීමට රෝගාබාධවලට ඉඩ සලසයි. මින් අදහස් වන්නේ රෝගාබාධ සමග සටන් කිරීමට ශරීරයට තිබෙන ශක්තිය හීන වන බව යි.
ඒඩ්ස් කියන්නේ ලිංගික සම්බන්ධතාවයක් නිසා හැදෙන ලෙඩක් කියල විතරයි ගොඩක් අය දන්නේ. හුළගෙනුත් ඒඩ්ස් බෝවෙනවා කියල හිතන මිත්‍යා මත නම් සෑහෙන්න පැතිරිලා තියනවා. මේ මිත්‍යා මත මොනතරම් ජනප්‍රියද කියනවානම් ඒඩ්ස් ආසාධිතයෙකුට හෝ ආසාධිත යැයි සැක කරන අයෙකුටත් ජීවත් වෙනවට වැඩිය මැරෙන එක සැපයි කියල හිතෙන තත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපි හිතුවා ඒඩ්ස් ගැන ඇත්තම තත්වය මොකක්ද කියල හොයල බලල ඔබව දැනුවත් කිරිම සුදුසුයි කියලා.
HIV ආසාදනය වෙනත් අයට සම්පේ‍්‍රෂණය වන්නේ කෙසේ ද?
අනාරක්ෂිත ලිංගික සංසර්ගය හරහා. එනම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරිත්වය අතරතුර දී HIV ආසාදිත පුද්ගලයෙකුගේ ශුක්‍රාණු හෝ යෝනි තරල සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම තුලින්.
- රුධිර පාරවිලයනය හරහා. HIV සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් නොකළ රුධිරය එන්නත් කිරීම තුලින්.
- පාවිච්චි කළ ඉඳිකටු හෝ සිරින්ජර බෙදාහදා ගැනීම හෝ නැවත පාවිච්චි කිරීම තුලින්.
- ආසාදිත රුධිරය පලූදු වූ චර්මය ස්පර්ශ කිරීම තුලින්.
- ආසාදිත මවකගෙන් නූපන් දරුවෙකුට බෝ වීම.
- මව් කිරි දීම හරහා.
HIV හා AIDS වලින් වැලකෙන්නේ කෙසේද?
- HIV හා AIDS ගැන දැනුවත් ව හා අවධානයෙන් සිටින්න.
- අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම (මුඛය, ගුදය හෝ යෝනි මාර්ගය ආශ්රිත ලිංගික ක්‍රියාවලින් වළකින්න.
- ලිංගික සම්බන්ධතාවක නිරත වීමට තීරණය කරන්නේ නම් එක් ආරක්ෂිත සහ විශ්වාසවන්ත සහකරුවෙකු සමග පමණක් එම සම්බන්ධතාවය පවත්වන්න.
- කොන්ඩම භාවිත කරන්න.
- කිසි විටෙක සිරින්ජර, ඉඳිකටු හෝ වෙනත් දෑ බෙදාහදා නොගන්න.
- මත් ද්‍රව්‍යය භාවිතයෙන් වැළකී සිටින්න.
පහත දැක්වෙන ක්‍රමවලින් ඔබට HIV ආසාදනය විය නොහැකි ය
- සේවක සගයෙකු ස්පර්ශ කිරීම හෝ ඔහුට අතින් තට්ටු කිරීම.
- රැකියාවේ දී උපකරණ හෝ යන්ත්‍ර සූත්‍ර බෙදාහදා ගැනීම.
- අතට අතට දීම.
- විවේකාගාර/නානකාමර බෙදාහදා ගැනීම.
- වැලඳ ගැනීම.
- කැස්ස හා කිවිසීම.
- එකම කෝප්පයෙන් පානය කිරීම හෝ ආහාර බෙදාහදා ගැනීම.
- එකම දුරකථනය පාවිච්චි කිරීම.
- මදුරුවන් මගින්
HIV positive උනාට ජීවිත අවදානමක් නැහැ...
HIV ආසාදනය වුනා කියල මාසෙන් දෙකෙන් මැරෙන්නේ නෑ. අනිත කාරණේ දැන් මේ ලිපියේ ඉහත කොටස් කියෙවුවා නම් ඔබ තේරුම් ගනියි HIV කියන්නේ රෝග කාරකයක් මිස රෝගයක් නොවෙන බව. ඉතින් HV ආසාදිතව තව දුරටත් ඔබට ජීවත් වීමේ භාග්‍ය තියනවා. මොකද අද වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV වෛරසය වෙනුවෙන් කෙරිලා තියන වැඩකොටස විශාලයි. ලෝකේ HIV එක්ක ජීවත් වන ප්‍රකට චරිත බොහොමයි. ඔවුන් ලෝකයට ඉතාම ඵලදායී ලෙස සිය දායකත්වය ලබා දෙමින් තව දුරටත් ජීවත් වෙනවා. කවදාවත්ම AIDS දක්වා නොයා HIV වෛරසය සමග ජීවත්ව සිටීමට තරම් දේවල් අද වෛද්‍ය විද්‍යාව සොයාගන තියනවා.
මේ සියළු දේවල් එක්ක HIV සුළුවෙන් හිතන්න එපා. එකම දේ HIV කියන වෛරසය ලෝකෙන් තුරන් කරන්න පුළුවන් බෙහෙතක් තවම සොයාගන නෑ. ඒ වගේම HIV මර්ධනය කරන්න පුලුවන් බෙහෙතක්වත් තවම සොයාගන නෑ. ඉතින් එහෙම එකේ මේ දේවල් සුළුවෙන් සළකන්න කොහෙත්ම අපට ඉඩක් නෑ. අපි කරුණු කිව්වේ HIV ආසාදිතයෙක්ව කොන් නොකිරීමට සහ ඔහුට/ ඇයට ජීවත් වීමට සමාජය සකස්කර ලීම අපේ සමාජ වගකීම වන නිසා. ඒ හින්දා අදාල ආරක්ෂක විදිවිධාන ක්‍රියාත්මක කරගන පිළිපැදගන සමාජයේ හැසිරීම වැදගත් බව දැන ගන්න.
ඒ වගේම තවත් ආසාදිතයෙකුට හිතෙන්න පුළුවන් මගේ වටිනා ජීවිතය ඉතින් ඉවරයි කියල තමන්ගේ ජීවිතය තමන්ම විසි කරල දාල අනෙක් අයගේ වටිනා ජීවිතත් බිලිගන්න. ඒත් ඔබ මේ ලිපිය කියවූවා නම් තේරුම් ගන්න , ඔබේ ජීවිතය තව දුරටත් සමාජයට ඉතා වටිනා බව වගේම ඔබේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතාවදානම පිළිබද සමාජ වගකීමකින්ද ඔබ බැදී සිටින බව.
ලෝකයේ ඒඩ්ස් රෝගීන් අඩු වුනාට එච්අයිවී ආසාදිතයන් ජනගහනයෙන් තුනෙන් එකකට පවතින බව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල තොරතුරු මත දන්වා සිටිය හැකියි. ඒත් තමා ආසාදිතයෙක් බව නොදැන ජීවත් වන ලක්ෂ ගානක ජනතාවකුත් මේ මිහිමත සිටිනවා වගේම තමන් ආසාදිත බව දැනගන තම වටිනා ජීවිතයෙන් සමාජ පණිවුඩයක් ලබා දීමට කටයුතු කරන ප්‍රසාදිත පිරිසකුත් සිටින බව මතක තබා ගන්න.
වෛද්‍ය වරයෙකු වෙත යන්න ලැජ්ජා වෙන්න එපා...
ඔබ ලංකාවේ වසන්නේ නම් තමන් එච්අයිවී ආසාදිත ද යන්න ගැන සැක ඇති නම් දෙවරක් සිතන්න එපා. කොළඹ මහ රෝහලේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන යන ස්ථානය ( 33 කාමරය ) ඔබ වෙනුවෙන්ම විවෘතයි. ලිංගාශ්‍රිත රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු මානසිකව ඉතාම උසස් තත්වයක තබාගන පරීක්ෂන හා ප්‍රතිකාර සදහා යොමු කිරීමට විශේෂයෙන් පුහුණුව ලත් උසස් කාර්ය මණ්ඩලයක් එම ස්ථානයේ ඔබ වෙනුවෙන්ම බලා සිටිනවා. කිසිදු කොන් කිරීමක් නැතිව ඔබට ඇති සමාජ පිළිගැනීමට භාධාවක් නොකර ඔබගේ රහස්‍ය භාවය සුරකිමින් ඉතාම සුහදව ඔබ සමග කටයුතු කිරීමට එහි කාර්ය මණ්ඩලය සූදානම්. ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා. තව දුරත් ලැජ්ජා වෙමින් ඉන්නත් එපා.