ජාත්‍යන්තර ගෘහ සේවක දිනය - 2021 ගෘහ සේවකයින්ද අයිතිවාසිකම් සහිත සේවක පිරිසක් බවට පත් කරමු.

news23

 සෑම වසරකම ජූනි මස 16 දිනට යෙදී ඇත්තේ ගෘහ සේවක දිනයයි. මෙවර එහි තේමාව වී ඇත්තේ "කෝවිඩ්-19 වසංගතය පසුකරමින් ශිෂ්ඨ රැකියා යන්න යථාර්ථයක් කරමු" යන්නයි.

ජාත්‍යන්තර පරිමාණවත් ලංකාව තුත් කෝවිඩ් වසංගතයෙන් ඉතාම දරුණු ලෙස බැට කෑ කොටසක් වූයේ අවිධිමත් අංශයේ කම්කරුවන්ය. අතරින් ගෘහ සේවක සේවිකාවන් විශේෂය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජනවාරි  මස දක්වා කොවිඩ් -19 වසංගතයේ දෙවැනි රැල්ල පැවති කාලයේ ලෝක කම්කරු සංවිධානයේ කොළඹ කාර්යාලය සමඟ එක්ව “Rapid Assessment of the Impact of Covid – 19 on Domestic Workers in Sri Lanka” ව්‍යාපෘතිය සහභාගි වීමටත් එහි ක්‍රියාකාරී වැඩ කොටසක් කිරීමටත් අපට අවස්ථාව ලැබුණු අතර හරහා මෙරට ගෘහ සේවිකාවන් කෝවිඩ් වසංගතය තුළ මුහුණ දුන් තත්ත්වය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකි විය. එම ව්‍යාපෘතිය අවසානයේ එළි දුටු වාර්තාවේ තිබූ මූලික කරුණු කිහිපයක් නම්:

Read more

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය EPF අරමුදලේ වංචාවන්ට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයේ සමිති පෙළ ගසයි.

EPF අරමුදලේ සිදුව ඇති රුපියල් ප්‍රකෝටි ගණනක මහා පරිමාන වංචාවට එරෙහිව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය ස්වාධීන වෘත්තීය සමිති සන්ධානයේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ ඊයේ (17) දින සවස පැවතී වර්ෂාව නොතකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ  හා අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක නිරත විය.

විරෝධතාවයේ ප්‍රධාන පරමාර්ථය වූයේ 2015 වසරේදී ඊට පෙර වසරට සාපේක්ෂව අර්ථසාධක අරමුදලේ ලාභය මහා පරිමාණයෙන් කඩා වැටීම, මෙවර අයවැයෙන් අරමුදල මත පනවා ඇති අධික බදු, EPF සාමාජිකයින්ට නිවාස ණය ලබා ගැනීමට අරමුදලේ ශේෂයෙන් 75% ක් දක්වා ණය ඇපකරයක් ලබා ගැනීමට ඇති අයිතිය, අරමුදලේ ආයෝජනයන් ද්වීතික මුදල් වෙළඳපොල හරහා සිදුකිරීමට සලස්වා අලාභ සිදු කරවීමට අමතරව ද්විතික මුදල් වෙළඳපොලෙන් EPF අරමුදල විසින් බැඳුම්කර මිලදී ගැනීමේදී රජය ඉතා කූට ලෙස තවත් අමතර බද්ධක් පැනවීම හා පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයට වාසි සහගත ලෙස කටයුතු කිරීමට ඉඩ හැර තිබීම ද ප්‍රමුඛ විය.

Read more

ජාතික සම්පත් විදේශ රටවලට පාවා දීම, මිත්‍යාව සහ යථාර්ථය

news3

පෝට්සිටි ආර්ථික කොමිසම් පනත මඟින් පෝට්සිටි කලාපය ලංකාවේ කිසිම පරිපාලන ඒකකයකට වග නොකියන ප්‍රදේශයක් බවට පත් කරමින් ලංකාවේ අන් ප්‍රදේශවලට බලපාන නීති බොහොමයක් එම කලාපයට බල නොපාන බවට පත් කරමින් එය වෙනම නීති පද්ධතියක් සහිත වෙනම පාලන ඒකකයක් බවට පත්කළ අයුරු අපි දුටුවෙමු.

වෙනත් අන්දමකින් කියන්නේ නම් පෝට්සිටි කලාපය චීන ආධිපත්‍යයට නතුකර දුන් අයුරු අපි දුටුවෙමු.

මෙආකාරයටම ඉදිරියේදී කොළඹ නගරයේ මූලෝපායික හා වාණිජ වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ඉඩකඩම් දේපළ හා සම්පත් විදේශික බලවේගයන්ට හා විදේශික සමාගම් වලට “ආයෝජනය” කිරීමේ මුවාවෙන් පාවා දීමට සූදානම් වන අයුරු අපට දක්නට හැකිය.

මෙම ක්‍රියාවලිය කොයිබටද? මේ නිසා රටේ ජනයාට අත්වන ඉරණම කුමක්ද? අනාගත පරපුරට ඉතිරි වන්නේ කුමක්ද? ලංකාව භූ දේශපාලනික බලවතුන්ගේ ගොදුරු බිමක් බවට පත් වෙමින් නොමැතිද? ආදී ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කිරීමේ කාලීන අවශ්‍යතාවයක් මේ හරහා මතුව ඇත. සමාජ දේශපාලනික හා වෘත්තීය සමිති ක්‍රියාකාරක්‍යින් වශයෙන් ඉහත සාකච්ඡාවට අවතීර්ණ වීමේ කාලීන වගකීමක් අප හැම හමුවේ පවතී.

ඒ වනුවෙන් අන්තර්ජාලය ඔස්සේ zoom තාක්ෂණය භාවිතා කරමින් කරනු ලබන රැස්වීමක් 2021.06.05 දින 5.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එයට සහභාගි වන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

EPF ETF මංකොල්ලයට හා කම්කරු නීති සංශෝධනයන්ට එරෙහිව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය හා වෘත්තීය සමිති සන්ධානය සාමාජිකත්වය දැනුවත් කරයි.

කම්කරු නීති සංශෝධනයේ හා EPF-ETF මංකොල්ලයේ අභියෝගය මැයෙන් ඊයේ (27) ස්වාධින වෘත්තීය සමිති සන්ධානය විසින් වෘත්තීය සමිති නියෝජිත සම්මේලනයක් කැඳවා තිබිණ. සංවිධායකයින් පැවසුවේ ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම සමිති 16ක් නියෝජනය කරමින් වැඩපොළ මට්ටමින් සමිති නියෝජිතයින් දෙසියයක් පමණ සහභාගි වී සිටි අතර එය දවස පුරා සියලුදෙනාගේ දායකත්වයෙන් පැවැත්වූ බවයි. සංවිධායකයින්ට අනුව සතියේ වැඩකරන දිනක සමුළුව යොදාගෙන තිබුනත් කිසිදු වෘත්තීය සමිතියක් සහභාගිවීම සඳහා සේවායෝජකයින්ගෙන් හෝ රජයේ අදාළ බලධාරීන්ගෙන් රාජකාරි නිදහස්වීම ලබානොගෙන සිය දෛනික වැටුප කැපකරමින් තමුන්ගේ වියදමින් සමුළුවට සහභාගී වූ අතර එහි ස්වාධිනත්වයේ අනන්‍යතාවය සුරකිමින් අනුබද්ධිත සමිති වලින් එක සමානව බර පැන උසුලණු ලැබිණ.

කම්කරු නීති සංශෝධනයේ හා EPF-ETF මංකොල්ලයේ අභියෝගය හා එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව දීර්ග වාද විවාද හා සාකච්චා පැවතී අතර සහභාගි වූ නියෝජිතයින් විසින් සිය වැඩපොළ දැනුවත් කිරීමට හා ඔවුන් ඉදිරි ක්‍රියාකාරකම් වලට පෙළගැස්වීමේ කාර්යභාරයට උරදීමට එකඟවූ අතර සටන ජයග්‍රහණයෙන් කෙළවර කලයුතු බවට සපත කළහ. ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ සභාපති චතුර සමරසිංහ හා භාණ්ඩාගාරික ලසන්ත කුමාර සහෝදරයින් සමුළුව ඇමතීය. තවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් ගණනාවක් අදහස් පල කල අතර සමුළු යෝජනා ගණනාවක් සම්මත කෙරුණි. අවසානයේ දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීමෙන් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් ආවරණය වන පරිදි තවත් අමතර යෝජනා ගනනාවක්ද සම්මත කෙරින. මෙම වෘත්තීය සමිති නියෝජිත සමුළුව CMU ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

Read more