ඔබේ අනාගත සිහිනය ඉටු කරගන්නට ඔබ කැමතිද ?

ආත්ම ගරුත්වයකින් යුතුව, නිසි පිළිගැනීමක් සහිතව සමාජය ඉදිරියේ ජීවත්වීමට ඔබට අවශ්‍යද ?

ඔබ ඔබේ දරුවන්ගේ හා පවුලේ සාමාජිකයින්ගේ ඉදිරිය හා යහ පැවැත්ම ගැන සැලකිලිමත් වනවාද ?

ඔබේ දැනුම, හැකියාව, වටිනාකම හා ආරක්ෂාව තහවුරු කර ගන්නට ඔබට අවශ්‍යද ?

වෙනුවෙන්

සමගියෙන් බල ගැන්වෙන

උත්සාහයෙන් ජීවිතය ජය ගන්නට වෙර දරන

නව පරපුරේ මිනිස් ජවයෙන් ඔබ වෙනුවෙන් ගොඩ නැගු

ඔබමෙන් සිතන, නව ලොව ඉදිරිය දකින, ඔබේ රැකියාවේ විශ්වසනීය අත්වැල


මදකට සිතන්න.........

ඔබගේ හෙට දවසේ සිහිනය තීරණය වන්නේ අද ඔබ යොදන අඩිතාලම මතයි

ඔබේ රැකියාවේ අභියෝගයන්ට අද ඔබ මුහුණ දෙන ආකාරයේ තරමට ඔබගේ හෙට දවසේ අනාගතය තීරණය වේවි.

ඔබේ හෙට දවසේ ඉරණම තීරණය වන්නේ අනාගතයේදී නොව අද දවසේ ඔබ ගන්නා තීරණය මතයි

එනම්...

ඔබේ අනාගතය ආරම්භ වන්නේ හෙට නොව අදයි !

  • ඔබට අනාගතයක් ඉතුරු වන්නට අද ඔබ කරන රැකියාවට :
  • තිරසාර සුරක්ෂිත බවක්
  • සමාජ පිළිගැනීමක් සහිත නිසි වටිනාකමක්
  • ඔබේ ශ්‍රමයට ගැලපෙන නිසි මූල්‍ය හා සමාජ වටිනාකමක්
  • අයුක්තියට ඉඩ අහුරන සාධාරණ ශිෂ්ඨ සම්පන්න සේවා පරිසරයක්
  • ඔබේ සෞඛ්‍ය හා ආරක්ෂාව සුරැකීමට හැකියාවක්

අවැසි නොවේද ?

නොඑසේනම් ඔබගේ ආදායම, රැකියාව, ගරුත්වය, ජීවිතය යන
සියල්ල අස්ථිර වනවා පමණක් නොව හෙට දවසේ අනාගතයත් අඳුරේ වැටෙනු ඇත.
මන්දයත් ඔබේ ගෙවී ගිය කාලයත්, ඔබේ ජීවිතයයේ නැතිවී ගිය ජවයත්
කිසිදා ඔබට නැවත ඔබ වෙත එලෙස නොඑන නිසාය.


ඔබේත්, ඔබේ පවුලේ අයගෙත් අනාගතය පරදුවට තැබීමට ඔබ සූදානම්ද ?

නැතිනම් සමගියෙන් බලගැන්වෙන ඔබේ අනාගතය සුරකින තුන් කල් දකින නිසැක රැකවරණය ලබා ගන්නවාද ?

තීරණය ඔබෙයි!

PROTECT නීත්‍යානුකූලව ලියාපදිංචි (ලි.ප.අංකය -8860) වූ, පක්ෂ දේශපාලනයෙන් තොර,
සාමූහික සේවක ශක්තිය මත පමණක් විශ්වාසය තබා කටයතු කරන වත්මන් රැකියා
පර්යාලෝකයේ අභියෝගයන් හා නව පරපුරේ අභිලාෂයන් වෙනුවෙන් ඇප කැප වන
ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතියකි.