උපත් පාලන යනු කුමක්ද?

දරු ගැබක් අවශ්‍ය නොවන අවස්ථාවකදී දරුවෙකු නූපදින ලෙස කටයුතු කිරීම උපත් පාලනය කියල හදුන්වන්න පුලුවන්. ලංකාව වගේ රටක උපත් පාලනය කියන්නේ සමාජ සංස්කෘතික වශයෙන් හය්යෙන් කතා කරන්න පුලුවන් මාතෘකාවක් නොවුනට මේක දැවෙන ප්‍රශ්ණයක් බව ෆාමසි එකක දවසක් හිටියොත් දැනගන්න පුලුවන්. මම එහෙම කියන්නේ ෆාමසි එකක් දවසට නිකුත් කරන උපත් පාලන පෙති , කොන්ඩම ගනන ගනන් කරන්නත් බැරි තරම් නිසා.

අද දවස වෙන කොට කසාද බැදපු නොබැදපු බොහොමයක් ගැහැනු දරුවන් මේ ක්‍රම ගැන උනන්දු වෙන්න පටන් අරන්. ඇත්තටම පාසල් අධ්‍යාපනයේ ඉදන් දැනගන්න ඕන දේවල් හංග හංග ඉදලා අමාරුවේ වැටුනම අනේ අනිච්චං කියනවට වඩා හොද දන්න දෙයක් කියන එකනේ.

අම්මේ මම කොහොමද ආවේ.. කියල අපි පුංචි කාලේ ඇහුවොත් අපට ලැබෙන උත්තරේ මගේ පැටිය මට සුරංගනාවක් ගෙනත් දුන්නනේ ... කියල, එහෙම නැත්තං අපිත් එක්ක තරහින් හිටියොත් ලැබෙන්නේ මම උඹව කානුවකින් ඇහිදගත්තා කියල...කොහොම උනත් රන්තැටියක කිරියි පැනියි කාල හැදුනු අපි රෝස කැලේකින් ඇහිදගන වත් , සුරංගනාවක් ගෙනත් දීලවත් කානුවකින් ඇහිදලවත් නෙවෙයි කියල අද අපි දන්නවා. අද දවසේ ඉන්න අපේ පොඩි පැටවුනුත් උං ආවේ රෝස කැලෙන් නොවන බව දන්නවා. ඉතින් කානුවකින් ඇහිදගත්තා නොවෙන්න නම් අපි උපත් පාලනය ගැන දැනගන ඉන්න ඕන. නැත්නම් දෙමාව්පියන්ගේ වෛරයට , සමාජ වෛරයට භාජනය වන දරු උපත් සිද්ද වෙන ඉඩකඩ අද සමාජයේ වැඩියි.

උපත් පාලනයේ ක්‍රම දෙකක් තියනවා.

ස්වභාවික ක්‍රමය
    
                                                                                   

  • ආර්ථව චක්‍රය ආශ්‍රයෙන්                                                                                   


කෘතීම ක්‍රමය

  • උපත් පාලන පෙති
  •  ලූප්
  •  ඩයප්‍රම්
  • ඉම්ප්ලාන්ට්ස්
  • වාසෙක්තමී/ටියුබෙක්මී

මේ කුමන ක්‍රමය භාවිතා කලත් ඇතැම් කෘතීම ක්‍රම වල ඇත්තේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමක් බව මතක් කරන්නම ඕන. මොකද ඔබ භාවිතා කරන්නේ එවන් වූ ක්‍රමයක් නම් (උදා- උපත් පාලන පෙති, ඉම්ප්ලාන්ට්ස්) ඒ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ස්වභාවික ක්‍රමයකින් උපත් පාලනය සිදු කරන්නේ නම් එය ශරීරයට හානියක් නොවන බව මතක තබා ගන්න.