ජාතික සම්පත් විදේශ රටවලට පාවා දීම, මිත්‍යාව සහ යථාර්ථය
පෝට්සිටි ආර්ථික කොමිසම් පනත මඟින් පෝට්සිටි කලාපය ලංකාවේ කිසිම පරිපාලන ඒකකයකට වග නොකියන ප්‍රදේශයක් බවට පත් කරමින් ලංකාවේ අන් ප්‍රදේශවලට බලපාන නීති බොහොමයක් එම කලාපයට බල නොපාන බවට පත් කරමින් එය වෙනම නීති පද්ධතියක් සහිත වෙනම පාලන ඒකකයක් බවට පත්කළ අයුරු අපි දුටුවෙමු.
වෙනත් අන්දමකින් කියන්නේ නම් පෝට්සිටි කලාපය චීන ආධිපත්‍යයට නතුකර දුන් අයුරු අපි දුටුවෙමු.
මෙආකාරයටම ඉදිරියේදී කොළඹ නගරයේ මූලෝපායික හා වාණිජ වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ඉඩකඩම් දේපළ හා සම්පත් විදේශික බලවේගයන්ට හා විදේශික සමාගම් වලට “ආයෝජනය” කිරීමේ මුවාවෙන් පාවා දීමට සූදානම් වන අයුරු අපට දක්නට හැකිය.
මෙම ක්‍රියාවලිය කොයිබටද? මේ නිසා රටේ ජනයාට අත්වන ඉරණම කුමක්ද? අනාගත පරපුරට ඉතිරි වන්නේ කුමක්ද? ලංකාව භූ දේශපාලනික බලවතුන්ගේ ගොදුරු බිමක් බවට පත් වෙමින් නොමැතිද? ආදී ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කිරීමේ කාලීන අවශ්‍යතාවයක් මේ හරහා මතුව ඇත. සමාජ දේශපාලනික හා වෘත්තීය සමිති ක්‍රියාකාරක්‍යින් වශයෙන් ඉහත සාකච්ඡාවට අවතීර්ණ වීමේ කාලීන වගකීමක් අප හැම හමුවේ පවතී.
ඒ වනුවෙන් අන්තර්ජාලය ඔස්සේ zoom තාක්ෂණය භාවිතා කරමින් කරනු ලබන රැස්වීමක් 2021.06.05 දින 5.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එයට සහභාගි වන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.